Battle of the Gold ඩී එස් සේනානායක සහ මහානාම විද්‍යාලීය ආදී සිසු ක්‍රිකට් ගැටුම එක්සත් අරාබි අදියර පසුගිය සෙනසුරාදා දිනයේදි අජ්මාන් ඔවල් ක්‍රීඩාන්ගනයේදී පැවත්විනි. එහිදී ඩී එස් කන්ඩායම පරදවා ලකුනු 16 ක ජයක් ලබා ගැනීමට මහානාම කන්ඩායමට හැකි විය.අවසාන ඔවරය දකවාම ඉතාමත් තියුණු තරගයක් පැවති අතර පන්දු දෙකක් ඉතිරව තිබියදී ඩී එස් කන්ඩයමේ අවසාන කඩුල්ල බිඳ වැටීමෙන් එම කන්ඩායමට පරාජය උරුම විය.
මහානාම කන්ඩායමේ නායක නුවන් වික්‍රමසූරිය හොඳම ක්‍රීඩකයා බවට පත් විය. ඩී එස් කන්ඩායම කාසියේ වාසිය දිනු අතර ඔවුන්ගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පලමුව පිටියට පිවිසි මහානාම කන්ඩායම ඕවර් 19.5ක දී සියල්ලන්ම දැවී ලකුනු 130ක් රැස් කරන ලදී. පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි ඩී එස් කන්ඩායමට හැකි වූයේ ඕවර 19ක දී සියල්ලන්ම දැවී ලකුනු 114ක් රැස් කර ගැනීමට හැකි විය. ඒ අනුව මෙවර 3 වරට පැවති තරගයේ ජය ආදී මහානාම කන්ඩායමට හිමි විය

