ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලෝක කුසලාන තරඟාවලිය අවසන් කළේ පරාජයන් රැසක් සමඟින්.
කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය අද පැවැත්වුණා. නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග සාජාහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු 8කට දැවී ගිය අතර හර්ෂිත සමරවික්‍රම ලකුණු 18ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 41කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
කවීෂා දිල්හාරි ලකුණු 10ක්, අනුෂ්කා සංජීවනී ලකුණු 5ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා සහ අමා කාංචනා නොදැවී ලකුණු 14ක් සහ ලකුණු 10ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළහ. අතිරේක ලකුණු 15ක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 115ක් පමණි.
Nava වෙනුවෙන් Amelia Kerr සහ Leigh Kasparek කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය. ඉලක්කය හඹා යමින් පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 17යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී තරඟය ජය ගැනීමට සමත් වුණා.
ආරම්භක පිතිකරු ජෝර්ජියා ප්ලිමර් පන්දු 44කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 53ක් සහ ඇමීලියා කර් පන්දු 31කදී නොදැවී ලකුණු 34ක් රැස්කළේය. පන්දු යැවීමේදී චමරි සහ සචිනි අතර එක් කඩුල්ලක් බෙදී ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තමන් සහභාගී වූ තරඟ 4ම පරාජයට පත්වී A කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වුණා.